Pages

ගොවි බිමට තාක්ෂණ්‍ය

Saturday, September 7, 2013

යැපුම් මට්ටමේ ගොවියා ව්‍යාපාරිකයෙක් බවට.......


ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙරටට කර ඇති මෙහෙවර අති මහත්ය. අපේ කෘෂි විද්‍යාඥයන් මෙරටට හදුන්වාදුන් නව වී, එළවළු, පළතුරු, ධාන්‍ය හා අල බෝග ඇතුළු විවිධ ආහාර හා අතුරු නිෂ්පාදනයන් තුළින් මේ රට ස්වයං පෝෂිත වී තිබේ.

එදා මෙන්ම අදත් පර්යේෂණ නිලධාරීන් හා කෘෂි විද්‍යාඥයින් විසින් සිදුකරන නව සොයාගැනීම් ආ නව යෙදවුම් ගොවියා වෙත යන්නේ කෘෂිකර්ම උපදේශකවරුන් හරහාය.

එසේම ඔවුන්ගේ නිෂ්පාදන වෙළඳපොළ වෙත යන්නේද සාම්ප්‍රදායික ක්‍රමයන් හරහාය. 

නමුත් අද තාක්ෂණය සීඝ්‍රයෙන් ගම් දනව් සිසාරා පැතිරෙමින් පවතී. එම තාක්ෂණය ඔස්සේ ගොවීන්ට නව යෙදවුම් හදුන්වා දීමත් ඔවුන්ගේ නිෂ්පාදන වලට උපරිම සාධාරණයක් ඉටුකිරීමත් කෘෂිකර්ම උපදේශක වරුන්ගේ කාර්ය භාර්ය අතරට එක්විය යුතුය. 

අද අප රටේ පවතින විශාල ගැටළුවක් නම් ගොවියාට අවශ්‍ය වෙළදපොල සොයාගැනීමට නොහැකි වනවා සේම, ව්‍යාපාරිකයින්ට නිෂ්පාදන සොයා ගැනීමේ අපහසු තාවයයි

මෙයට විසදුමක් වශයෙන් ඊ ගොවියා ඔස්සේ නව තාක්ෂණය ගොවීන් අතරට ගෙන යාමටත් ගොවීන්ගේ අවශය වෙළඳපොළ සොයා දීමටත් කෘෂිකර්ම උපදේශක වරුන් වෙනුවෙන් බ්ලොග් අඩවි නිර්මාණය කිරීමටත් අරමුණු කරගෙන ඇත.